කොහුවල හන්දියේ වාහන ගමනාගමනය මාස දෙකකට සීමා කෙරේ

24 Jun, 2024   
කොහුවල හන්දියේ වාහන ගමනාගමනය මාස දෙකකට සීමා කෙරේ

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මාස දෙකක කාලයක් කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

මෙහි ඉදිකිරීම් අවසන් අදියර 2024 ජුනි 15 සිට 2024 අගෝස්තු 15 දක්වා සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ

ඒ අනුව, මෙම කාලය තුළ කොළඹ – හොරණ මාර්ගය පොදු ප්‍රවාහනය සඳහා පමණක් විවෘත වන අතර, එම මාර්ගයේ අනෙකුත් වාහන සඳහා ගමනාගමනය සීමා කෙරෙනවා.

කොහුවල හන්දිය දෙසට බර වාහන සඳහා ප්‍රවේශය ලබා නොදෙන බව ද පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.