මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

01 Mar, 2024   
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මේ මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.

දුරකථන අංකය වන 2 117 116 අමතා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. එය ඇතුළත් කල පසු දුරකථන අංකයට කෙටි පණිවුඩයක් ලැබෙන අතර අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් එම පණිවිඬයේ සඳහන් බවයි කොමසාරිස්වරයා පවසන්නේ. ඊට අමතරව හඳුන්වාදී ඇති www.dmtappointments.dmt.gov.lk අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.