සංචාරක අංශයේ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වාහන 1,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව සුදානමින්

08 Apr, 2024   
සංචාරක අංශයේ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා  වාහන 1,000ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකාව සුදානමින්

සංචාරකයින් සඳහා ලබාදෙන ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා බස්රථ සහ වෑන් රථ 1000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජනාවට අනුව, විශේෂ බදු සහනයක් නොමැතිව, ආසන 6-15 වෑන් රථ, මෙන්ම ආසන 16-30 (කුඩා) බස් රථ සහ ආසන 30-45 (විශාල) බස්රථ ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරක ප්‍රවාහනය සඳහා කර්මාන්තයේ නියැලෙන වාහන වසර 6කට වඩා භාවිත නොකළ යුතු බව සංචාරක කර්මාන්තයේ සිරිතක් ලෙස සැලකුවද එම කර්මාන්තයේ යෙදෙන වාහනවල තත්ත්වය සතුටුදායක නොවන බව පෙනී යන බව රජය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එය වැඩිදුරටත් සඳහන් කළේ වාහන සීමා කිරීම සහ අත්‍යාවශ්‍ය අමතර කොටස් සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පැරණි වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව අපකීර්තීයට පත්ව ඇති බවයි.

එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන ක්‍රියාවලිය තුළ සංචාරක කර්මාන්තයට ලැබෙන දායකත්වය සලකා බලා කර්මාන්තය නඟා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය වාහන ආනයනය කිරීමේ අවශ්‍යතාවය රජය විසින් පිළිගෙන මෙම තීරණ්‍ය එළඹ තිබෙනවා.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.