දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට – Update

24 Apr, 2024   
දියතලාව අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට – Update

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අද පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වුණා.

මෙම තරගාවලිය මෙවර පැවැත්වුණේ වසර 5කට පසුවය.

අවසන් වරට 2019 වර්ෂයේ අප්‍රේල් 21 වන දින මෙම ධාවන තරගාවලිය පවත්වා ඇති අතර පාස්කු ප්‍රහාරය හේතුවෙන් එම තරගය අතරමග නතර කර තිබෙනවා.

ඒ අනුව වසර 5ක කාලයක් එම තරගාවලිය නොපැවැත්වුණු අතර මෙවර එම තරගාවලිය සඳහා විශාල ජනසහභාගීත්වයක් ද පැවැති බව වාර්තා වනවා.

අද (21) පෙරවරුවේ ආරම්භ වු ධාවන තරගය පැවැත්වෙන අතරවාරයේ මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවුණා.

අනතුරින් මියගිය පුද්ගලයින් 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසනවා.

ධාවන තරගයේ සහායකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම අනතුරත් සමග ධාවන තරගාවලිය නතර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් සඳහන් කළා.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.