මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

22 Jan, 2025   
මාර්ග නීති බිඳින රියදුරන්ට දඩ කොළය නිවසටම

නව තාක්ෂණය උපයෝගි කරගනිමින් කොළඹ නගරයේ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් හඳුනා ගැනීම සඳහා නව මෘදුකාංගයක් ශ්‍රී ලංකා පොලීසිය මගින් හඳුන්වා දී තිබේ.

මාර්ග අනතුරු අවම කරගැනීම සහ රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම නව ව්‍යාපෘතිය මගින් සිදුකිරීමට අපේක්ෂා කරයි.

රියදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් පසුගිය කාල සීමාව තුළ කොළඹ නගරයේ මාර්ග අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණි.

මෙම මාර්ග අනතුරු අවම කරගැනීම සඳහා නව තාක්ෂණය උපයෝගි කරගත් මෘදුකාංගයක් හඳුන්වා දීම වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

මෙම නව මෘදුකාංගය මගින් කොළඹ නගරය තුළ රථ වාහන වැරදි සිදුකරන රියදුරන් කොළඹ ප්‍රධාන CCTV මෙහෙයුම් මැදිරියේ CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කෙරේ.

අනතුරුව එම වරද රියදුරා පදිංචි පොලිස් වසමේ පොලීසියට දැනුම් දී රියදුරුට අදාළ දඩකොළ ලබාදීම සිදුවෙයි.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.