Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම

19 Mar, 2024   
Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම

Bajaj හි CNG යතුරුපැදිය ඉන්දියාවේ පලමු වර්ගයේ ඛාණ්ඩයට අයත්වන යතුරුපැදියක් ලෙස නිෂ්පානය කරමින් පවතින අතර එය Splendor Plus සහ Honda Shine 100 වෙත අභියෝගයක් වන අන්දමට නිෂ්පාදනය කර ඇතැයි විදසේ වාර්තා සඳහන් කරනවා.

CNG මාදිලිය 2010 සිට බජාජ් සමාගම මෝටර් රථ නිෂ්පාදනය සඳහා පමණක් භාවිත කර ඇති අතර එම මාදිලිය යටතේ එළිදක්වන පලමු යතුරුපැදිය මෙය බවටයි සමාගම සඳහන් කරන්නේ. CNG යතුරුපැදිය මෙම වසරේ අගදී ඔවුන් වෙළඳපලට හදුන්වා දීමට සුදානම්.

බජාජ් CNG යතුරුපැදිය හරහා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපේක්ෂා කළ හැකි අතර එය එම සමාගම දැනට වෙළඳපලේ පවතින Platina සහ CT යතුරුපැදිවලට වඩා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

Bajaj CNG යතුරුපැදිය 110cc හෝ 125cc එන්ජිමකින් සහ 8.6 PS සහ එන්ජිමේ ව්‍යර්ථ 8.81 NM සහ 6 speed gear-box එකකින් මෙම යතුරුපැදිය සමන්විත බවට අපේක්ෂා කරනවා.

Bajaj CNG යතුරුපැදිය specs සහ features විදිහට 17 inches wheels, shod with 80/100 tubeless tyres ඒ වගෙම front disc සහ rear drum combo ආදියෙන් සමන්විත වනු ඇතැයි සමාගම උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරනවා.

Bajaj සමාගම මෙම නවතස යතුරුපැදිය මෙම වසරේ ජුනි මාසය වනවිට එළිදැක්වීමට සුදානම් වන අතර ගෝලීය වශයෙන් එය බෙදාහැරීම අගෝස්තු මස වන විට ආරම්භ කරන බවයි Bajaj සමාගම පවසන්නේ.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.