අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර

21 Aug, 2024   
අලුත් කළ නොහැකි රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර

ලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර තිබේ. වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ ය.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ තොගයක් මේ වසර අවසන් වීමට පෙර අවලංගු කෙරෙන බව ඔහු පැවසුවේ ය.

එම රියැදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ යුතුයි.

ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.

මීට අමතරව, අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද, ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ ය.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.