ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය , ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන හා සම්මේලන සංවිධානය එක්ව Asia Exhibition ආයතනය සමග ප්‍රථම වතාවට ඉදිරිපත් කරන (EV Motor Show 2024)විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය ජුනි 28,29 හා 30 දා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානමින් පවතිනවා.
වෙළඳ කුටි 150 කට වඩා වැඩි ප්‍රමාණයක් දායකතත්වයෙන් මෙම ප්‍රදර්ශනය හා එක් වීමට සුදානමින් පසුවනවා.
පළමුවරට පැවැත්වෙන මෙම විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා ikman විසින් බලගන්වන CarsGuide නිල online සහකරු ලෙස සිය ශක්තිය ලබා දෙනවා. CarsGuide යනු ikman විසින් බලගන්වන මෝටර් රථ review, news සහ tips සඳහා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල වේදිකාවයි.
දින තුන පුරා එම ප්‍රදර්ශණයේ සුවිශේෂි අවස්ථා සජීවීව ආවරණය කරමින් අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔබට සමීප කරවීමටත් මේ වනවිට සියලු කටයුතු සුදානමින් පවතිනවා.
මෙම ප්‍රදර්ශනය ගැනුම්කරුවන් සහ සාමාන්‍ය ජනතාව සමඟින් ජාත්‍යන්තර සහ දේශීය යන දෙඅංශයෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ඉහළම සැපයුම්කරුවන් එකට එකතු කරන සුවිශේෂී වේදිකාවක් බවට පත්ව අවසන්. විශිෂ්ටත්වය සහ සාර්ථකත්වය සඳහා වූ විද්‍යුත් මෝටර් රථ ප්‍රදර්ශනය, ඔබ නොදුටු විද්‍යුත්මෝටර් රථ රැසක් දැකබලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද ඔබට හිමිවනවා.