සංඥා ලාම්පු අසල යාචකයින්ට සල්ලි දෙන්න එපා – පොලීසියෙන් නිවේදනයක්

07 May, 2024   
සංඥා ලාම්පු අසල යාචකයින්ට සල්ලි දෙන්න එපා – පොලීසියෙන් නිවේදනයක්

මාර්ග සංඥා අසළ මාර්ගයේ සිඟමනේ යෙදෙන යාචකයින්ට මුදල් දීමෙන් වළකින ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළා.

ඒ අනුව යාචකයන්ට මාර්ග සංඥා අසල මුදල් ලබාදෙන්නේ නම් දඩයක් නියම කරන බවයි පොලීසිය පවසන්නේ.

මාර්ග සංඥා අසළ යාචකයන්ගෙන් රියදුරන් ඇතුළු ජනතාවට ඇතිවන අපහසුතාව වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Similar News


Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.