යතුරුපැදියක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

27 Feb, 2024   
යතුරුපැදියක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු

වයස 18ට පනින කොටම කොල්ලන්ට එන එක ආශාවක් තමයි යකඩ හීනය කියන සංකල්පය. ඒ කියන්නේ හොඳ වර්ගයේ යතුරුපැදියක් මිලදී ගැනීම කියන එක.ලංකාවේ දැන් තියෙන මේ තත්වය ආර්ථිකමය තත්වය එක්ක යතුරුපැදියක් මිලදී ගැනීමත් එක්තරා විදිහට සමහර තරුණ අයට සිහිනයක් වෙන්න පුලුවන්. හැබැයි ඔබට ඒ සිහිනය යථාර්තයක් කර ගැනීම අමාරු දෙයක් නෙමෙයි. කාර් එකක් ගැනීමට ඔබට ඒ වයසේ එකවර සල්ලි හොයාගන්න බැරි නිසා බයික් එකක් ගැන හිතන එකේ වැරැද්දක් නම් නෑ. හැබැයි අලුත්ම බයික් එකක් ගැනීමේදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු කාරණා කීපයක් තියෙනවා.

අලුත් බයික් එකක් ගැනීම

තව කෙනේක් කාලයක් තිස්සේ පාවිච්චි කරපු බයික් එකක් ගන්නෙ නැතිව ටිකක් වැඩිපුර සල්ලි එකතු කරල අලුත්ම එකක් ගන්න තියෙනවා නම් සැහෙන්න ප්‍රයෝජනවත් වෙයි ඔබට. පරණ බයික් wala hangichcha leda thiyenna puluwan . කලින් පාවිච්චි කරපු කෙනා ඒක කොහොම පාවිච්චි කරාද කියල අපි දන්නේ නෑනෙ. ආර්ථිකමය තත්වයත් එක්ක අද ලංකාවේ බයික් එකක මිල ලක්ෂයේ සිට ලක්ෂ 10 ඉක්මවන මුදල් පරාසයක් අතර පවතිනවා. ඉතින් ඔබේ අතේ ඇති මුදලට හරියන සහ විශ්වාසවන්තම යතුරුපැදියක් මිලදී ගන්න ඔබ සැලකිලිමත් විය යුතු වනවා.

ඔබ බයික් එක ගන්න හේතුව නිවැරදිව හිතන්න

රැල්ලට තරුණ අය බොහෝ දේවල් කරන්න උත්සහ කරනවා.ඒ් වේලාවට කමන්ගේ දෙමාව්පියෝ දෙන උපදෙස් පවා ඔවුන් සමහර විටෙක ප්‍රතික්ෂේප කරන මට්ටමකට එනවා.යකඩ හීන කියලා බොහෝ දෙනා තමන්ගේ ගමන් පහසුව ගැන පසෙකලා මහපාරේ වීරයෝ වෙන්නයි දඟලන්නේ. මේ හින්දා ලංකාවේ වෙන බොහොමයක් වෙන රථවාහන අනතුරුවලින් මිය යන්නේ අපේ රටේ තරුණ පරම්පරාව. 2023 වසරෙත් රථවාහන අනතුරු 2000 ඉක්මවා ගිහින්.ඒ අතරින් වැඩිම අනතුරු යතුරුපැදි අනතුරු කියලයි පොලිසීය පවා පවසන්නේ.මේක බොහොම වැදගත් කාරණාවක්. තරුණ වයසේ ඔබ බයික් එකක් ගන්නේ ඔබේ ගමන් බිමන් පහසුවෙන් හා ඉක්මනින් යන්න එන්න. නැතිව පාරේ උඩින් යන්න වත් ඉගිල්ලෙන්න වත් නෙමෙයි. ඔබට අලුතෙන් ලැබුණු රැකියාව සඳහා යන්න බයික් එකක් ගන්නවා නම් ස්කූටරයක් ගත්තක් කමක් නෑ. රේස් පදින බයි එකක් ගන්න හිතන්න වත් එපා. තමන්ගේ සහ කමන්ගේ අහිංසක ආදරණීය දෙමාව්පියන්ගේ හීන තරුණ කාලදෙීම ලෙඩ ඇඳකට වෙලා හෝ මිය ගිහින් ආකාලේ නැතිකරගන්න එපා.

ඔබේ අතේ ඇති මුදල

අපි කලින් කිව්ව වගේ අද ලංකාවේ බයික් වල මිල ලක්ෂයත් ලක්ෂ 10ත් අතර මිල පරාසයක් දක්වා විහිදිලා තියෙනා. ණය වෙලා ලොකු මුදලක යතුරුපැදියක් ගන්නේ නැතුව ඔබ කරන රැකියාව අනුව ඔබට ගෙවා ගෙන යාහැකි නම් ඒ ක්‍රමයට හරි ඔබේ ගමන් පහසුවෙන් සහ ආරක්ෂිතව යන්න පුලුවන් විදිහට යතුරුපැදිය මිලදීගන්න.

කල් පැවැත්ම / Durability 

ඔබ වාහනයක් ගන්නේ වසර ගණනාවක් එය පාවිච්චි කරන්න. ඉතින් කල් පැවැත්ම ගැන වැඩි අවධානයක් දෙන්නම ආනිවාර්යෙන්ම දෙන්න ඕනේ. අතේ ඇති මුදලට වර්තමානයේ ඔබට සිද්ද වෙන්නේ තව කෙනෙක් පාවිච්චි කරපු යතුරුපැදියක්නම් මිලදී ගන්න ඒ ගැන බුද්ධිමත්ව තීරණය කරන්න.මුදල අපතේ නොයවා හරිහැටි විදිහට තීරණය ගන්න.මිලදී ගන්න යද්දී පාවිච්චි කරපු එකක් නම් තව වාහන ගැන හොඳ දැනුමක් තියෙන කෙනකේ රැගෙන යන්න. වාහනයේ කල් පැවැත්ම ඔබ මතත් තීරණය වෙනවා. ඒ කියන්නේ ඔබ බයික් එක පදින ආකාරය අනුව. ඔබ එය ආදරයෙන් හා ප්‍රවේශමෙන් පදිනවාද? නැත්තම් පාරේ වළවල් වල දම දමා පැද්ධොත් නම් ඉතින් වැඩි කාලයක් ඔබට බයික් එක පදින්න වෙන්නේ නෑ.

විශ්වාසවන්ත භාවය

කල් පැවැත්ම මේ මතත් රඳා පවතිනවා. විශ්වාසවන්ත brand එකකින් ඔබ බයික් එක ගත්තොත් වැඩි කාලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. Bajaj, Hero ,Honda, TVS වගේ brand තමයි ඔබට ගොඩක් විශ්වාස කරන්න පුළුවන්. ජාපානය, මැලේසියාව හා ඉන්දියා වගේ රටවල හදන බයික් ගැන ලංකාවේ වැඩි විශ්වාසයක් පවතිනවා.ඉතින් ඔයත් බයික් එකක් මිලදී ගන්න ඉන්නවා නම් ආනිවාර්යෙන්ම විශ්වාසවන්තභාවය ගැනත් අවධානය යොමුකරන්න.

නඩත්තු වියදම්

මෙන්න වැදගත් කාරණාවක්. ගොඩක් තරුණයෝ මේ ගැන හිතන්නේ නෑ. පාවිච්චි කරපු බයික් එකක් ගත්තොත් ඔබට පසුව වැඩි මුදලක් නඩත්තු වියදම් ලෙස වැයවෙයි. ඔබ මිල ඉතා අධික බයික් එකක් ගත්තත් මේ දෙයට ඔබට මුහුණ දෙන්න වෙනවා. ඔබ දන්නවානෙ බෙන්ස් කාර් එකක් නඩත්තු කරන්න නිසාන් කාර් එකක් නඩත්තු කරනවට වඩා වැඩි මුදලක් යනවා කියලා. ඒ වගේම තමයි බයික් වලටත්. විශ්වාසවන්ත නැති බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් මේ ලෙඩේට ඔබට මුහුණ දෙන්න වෙයි.

ඉන්ධන භාවිතය 

සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගන්නේ ඉන්ධන වලට යන වියදම දිගුකාලීනව ඉතිරි කරගන්න. ගොඩක් බයික් වලට පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 70ක් වත් යන්න පුළුවන්. ලීටරයකින් කිලෝමීටර 100කට වඩා යන්න පුළුවන් කියන බයිකුත් අද ලංකාවේ තිනෙනවා. එන්ජිමේ ධාරිතාවය අනුව තමයි මෙය තීරණය වෙන්නේ. ඉතින් ඔබ පෙට්‍රල් වලට වැඩි මුදලක් වියදම් කරන්න කැමති නැතිනම් ලීටරයකින් වැඩිම කිලෝමීටර ගාණක් යන්න පුළුවන් බයික් එකක් තෝරගන්න.

සුවපහසුව 

බයික් වල ඉතින් කාර් වගේ AC දාගෙන එහෙම යන්න බෑ. වැස්සට තෙමෙනවා අව්වට කරවෙනවා. නමුත් සැපපහසුව කියලා අපි මෙතන අදහස් කරන්නේ ගමනේ රළුභාවය අවම මට්ටමක පැවතීම ගැනයි. දෙදෙනෙක්ට වත් බයික් එකේ සැපපහසුව ඉඳගෙන යන්න පුළුවන්ද? ක්ලච් එක ලේසියන් බැලන්ස් කරන්න පුළුවන්ද? වළවල් වලින් යනවිට ඇඟට ලොකු අපහසුවක් දැනෙනවාද? මේ කාරණා ගැන හිතන්න.
ඔන්න මේ කාරණා ගැන ඔබ අවධානය යොමු කළොත් ඔබට ගැලපෙනම බයික් එකක් තෝරගන්න පුළුවන් වගේම වසර ගණනාවක් ඉන් ඔබට හොඳ ප්‍රයෝජයක් ගන්නත් පුළුවන් වෙනවා.

Similar Advices



1 comment

  1. (5/5)

    Lot of valuable this discrimination,I wish future days provide more information about knowledge,because helps choice good bike our younger generation,thank you.

Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Bajaj Pulsar N160 USD Premium EFi ABS 2025 for Sale

Bajaj Pulsar N160 USD Premium EFi ABS 2025

0 km
verified MEMBER
verified
Rs 258,785
3 days ago
Bajaj Discover 125 2011 for Sale

Bajaj Discover 125 2011

70,000 km
MEMBER
Rs 215,000
6 minutes ago
Bajaj Pulsar 150 2017 for Sale

Bajaj Pulsar 150 2017

36,700 km
MEMBER
Rs 210,000
12 minutes ago
Bajaj Pulsar N160 2025 for Sale

Bajaj Pulsar N160 2025

5,200 km
MEMBER
Rs 640,000
12 minutes ago
Yamaha Enticer 2018 for Sale

Yamaha Enticer 2018

4,500 km
MEMBER
Rs 325,000
12 minutes ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman