මංතීරු නීතිය මොකක්ද?

30 Aug, 2024   
මංතීරු නීතිය මොකක්ද?

අපි පාරේ වාහනයක් drive කරනකොට විවධ මංතීරු හමුවෙනවා. සමහර වෙලාවට ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුලුවන් ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා. මංතීරු නීතිය කියන්නේ මොකක්ද? ඔබ ගමන් කරන්න ඕනේ කුමන මංතීරුවේද කියලා ඔබව දැනුවත් කරන්න තමයි  BikesGuide අපි මේ article එක අරගෙන ආවේ.

මංතීරුවක ගමන

මංතීරුවක ගමන් කරනවා කියන්නේ අපි යම් මංතීරුවක් ධාවනය කරන අවස්ථාවකදී දකුණට හරවන්න එහෙමත් නැත්නම් වාහනයක් ඉස්සර කරන්න කියන කාරණා වලදී හැර අනෙකුත් සියලුම අවස්ථා වලදී අපි වම් පැත්තට වන්නට ධාවනය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි යම්කිසි අවස්ථාවකදී වාහනයක් ධාවනය කරන විට අනෙකුත් වාහන වලට බාධා ඇතිවෙන විදියට මංතීරුවකින් තවත් මංතීරුවකට මාරු නොවෙන්නට වග බලාගන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි එකම දිශාවකට මංතීරු තුනක් හෝ ඊට වැඩි ගණනක් තිබෙන අවස්ථාවකදී පාරේ මාධ්‍යට ආසන්නයේ තියෙන ධාවන තීරුව හැර අන් ධාවන තීරු දෙකට එකම දිශාවකට වාහන ධාවනය කරන්න හැකියාවක් තියෙනවා. තව විශේෂ දෙයක් තමයි බස් මංතීරු , බස් ප්‍රමුඛ මංතීරු ක්‍රියාත්කම වන අවස්ථාවකදී නම් ඒ මංතීරුව වෙන් කරලා තියෙන්නේ බස් රථ ධාවනය සඳහා. ඒ නිසා එම කාල සීමාවන් තුළ බස් රථ මංතීරුව ක්‍රියාත්මක වන අවස්ථාවේදී බස් රථ එම මංතීරුවේ ගමන් කළ යුතුයි.

මංතීරු දෙකේ මාර්ග

ලංකාවේ වැඩිපුරම තියෙන්නේ මංතීරු දෙකේ මාර්ග. මංතීරු දෙකකින් යුක්ත වාහනයක් ගත්තොත් පදික වේදිකාවට සමීප මංතීරුව හඳුන්වන්නේ අංක 01 මංතීරුව ලෙසයි. මාධ්‍ය රේඛාවට සමීප මංතීරුව අංක 02 මංතීරුව ලෙස හඳුන්වනු ලබනවා. මේ මංතීරු භාවිතා කරනකොට අංක 01 මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහනයි. ඒ වගේම අඩු වේගයෙන් ධාවන කරන වාහනත් ගමන් කරන්න ඕනේ අංක 01 මංතීරුවේ.අංක 02 මංතීරුව අවශ්‍ය වෙන්නේ වාහන දකුණට හැරවීමට සහ වාහනයක් ඉස්සර කිරීමට පමණයි.

මංතීරු තුනේ මාර්ග

අපි දැන් බලමු මංතීරු තුනේ මාර්ග පිළිබඳව. මංතීරු තුනේ මාර්ග අපිට දැකබලාගන්න පුලුවන් වෙන්නේ නගරාසන්න ප්‍රදේශ වල විතරයි. මෙතනදීත් අංක 01 එහෙමත් නැත්නම් පදික වේදිකාවට ආසන්න මංතීරුව භාවිතා කරන්නේ වමට හරවන වාහන සහ නැවත්වීමට බලාපොරොත්තුවෙන් යන වාහන පමණයි. ඒ වගේම සාමාන්‍ය වේගයට වඩා අඩුවෙන් යන වාහනත් ගමන් ගන්නේ අංක 01 මංතීරුවේ. ඒවගේම තමයි අංක 02 මංතීරුව භාවිතා කරන්නේ කෙලින් යන වාහන පමණයි.පෙර පරිදිම අංක 03 මංතීරුව භාවිතා කරන්නේ දකුණට හරවන වාහන සඳහායි.

ඉතින් මේක තමයි මංතීරු නීතිය කියන්නේ. අනතුරු නොවන විදියට හරියට පාරේ ගමන් කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම මංතීරු නීතිය පිළිබඳව දැනුවත් වෙන්නම ඕනේ. ඒ වගේම තමයි පාරට වාහනයක් දාන්න කලින් ඔබ ගමන් කරන දිශාව, නවත්වන ස්ථාන ගැනත් හොඳ දැනුවත් වීමකින් ගමන් කරනවා නම් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයින්ටත් එය ලොකු පහසුවක් වෙයි.

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Bajaj Pulsar N160 USD Premium EFI ABS 2025 for Sale

Bajaj Pulsar N160 USD Premium EFI ABS 2025

0 km
verified MEMBER
verified
Rs 258,785
1 week ago
Hero CBZ 2006 for Sale

Hero CBZ 2006

48,000 km
MEMBER
Rs 275,000
3 minutes ago
TVS Ntorq 125 brand new 2020 for Sale

TVS Ntorq 125 brand new 2020

0 km
verified MEMBER
Rs 69,900
4 minutes ago
TVS Ntorq 125 brand new 2020 for Sale

TVS Ntorq 125 brand new 2020

0 km
verified MEMBER
Rs 69,900
4 minutes ago
TVS IQUBE S BRAND NEW 2025 for Sale

TVS IQUBE S BRAND NEW 2025

0 km
verified MEMBER
Rs 88,900
1 week ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman