ඔබ දැනගත යුතුම මාර්ග සංඥා

20 May, 2024   
ඔබ දැනගත යුතුම මාර්ග සංඥා

වාහනයක් පාරේ drive කරන්න ඕනේ ගොඩක් සැලකිලිමත් විදිහට. මොකද අපරික්ෂාකාරී විදිහට වාහනය drive කරන එකෙන් ඔබට වගේම පාරේ ගමන් කරන අනිත් පුද්ගලයන්ටත් අනතුරු සිදු වෙන්න තියෙන ඉඩ වැඩියි. ඉතින් පාරේ ගමන් කරන සියලු දෙනාගේම ආරක්ෂාව ගැන හිතලා පාරේ දෙපස මාර්ග සංඥා සටහන් කරලා තියෙනවා.ශ්‍රී ලංකාව තුළ මාර්ග සංඥා ගණනාවක් භාවිතා වෙනවා.

අනතුරු ඇඟවීමේ සංඥා

1. වම් පැත්තට වංගුව ඉදිරියෙන්
2. දකුණු පැත්තට වංගුව ඉදිරියෙන්
3. වම් පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
4. දකුණු පැත්තට ද්විත්ව වංගුව ඉදිරියෙන්
5. හතරමං සන්ධිය ඉදිරියෙන්
6. දකුණු පැත්තට වැලමිටි වංගුව ඉදිරියෙන්
7. වම් පැත්තට වැලමිට වංගුව ඉදිරියෙන්
8. ඉදිරියෙන් ද්විත්ව මාර්ගය අවසන්
9. ඉදිරියෙන් මාර්ගය දෙපසින්ම පටු වීම ඇරඹේ
10. ඉදිරියෙන් පටු පාලමකි
11. ඉදිරියෙන් වමට හා දකුණට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
12. ඉදිරියෙන් දකුණට හා වමට පැති මාර්ග විහිදෙන මංසන්ධි දෙකකි
13. T හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
14. Y හැඩයේ මංසන්ධිය ඉදිරියෙන්
15. ඉදිරියෙන් නවතිනු
16. වම් පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
17. දකුණු පැත්තෙන් රථවාහන ප්‍රධාන මාර්ගයට එක්වන සන්ධිය ඉදිරියෙන්
18. ඉදිරියෙන් මාර්ගය ඉඩ දෙනු
19. ඉදිරියෙන් වටරවුමකි
20. ඉදිරියෙන් ආලෝක සංඥා ක්‍රියාත්මක වේ
21. ඉදිරියෙන් පහළට අවදානම් බෑවුමකි
22. ඉදිරියෙන් ඉහළට අවදානම් නැගීමකි
23. ඉදිරියෙන් මාර්ගය ලිස්සන සුලුයි
24. ඉදිරියෙන් ගල් කැබලි වැටීමට ඉඩ ඇත
25. ඉදිරියෙන් මාර්ගය අලුත්වැඩියා කෙරේ
26. ඉදිරියෙන් පදික මාරුවකි
27. ඉදිරියෙන් ළමයින් මාරුවන ස්ථානයකි
28. ඉදිරියෙන් බස්රථ ධාවන තීරුවකි
29. ඉදිරියෙන් ගේට්ටුව සහිත දුම්රිය හරස් මාර්ගයකි
30. ඉදිරියෙන් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකි
31. ඉදිරියෙන් පාපැදි ධාවන තීරුවකි
32. ඉදිරියෙන් ගව ආදී සතුන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත
33. ඉදිරියෙන් පාපැදිකරුවන් මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ ඇත

පාලන සංඥා

1. ඇතුල්වීම තහනම්
2. වම් පැත්තට හැරවීම තහනම්
3. දකුණු පැත්තට හැරවීම තහනම්
4. U හැඩය සිටින සේ හැරවීම තහනම්
5. වාහන ඉස්සර කිරීම තහනම්
6. නලා ශබ්ද කිරීම තහනම්
7. මාර්ගය වසා ඇත
8. බස් රථ සඳහා මාර්ගය වසා ඇත
9. ලොරි සඳහා මාර්ගය වසා ඇත
10. සියලුම වාහන සඳහා මාර්ගය වසා ඇත
11. වාහන නවතා තැබීම තහනම්
12. වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්
13. ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්
14. ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්

විධාන සංඥා

1. වම් පැත්තට හැරවිය යුතුයි
2. දකුණු පැත්තට හැරවිය යුතුයි
3. කෙලින්ම ඉදිරියට ගමන් කල යුතුයි
4. ඉදිරියෙන් වම් පැත්තට හැරවිය යුතුයි
5. ඉදිරියෙන් දකුණු පැත්තට හැරවිය යුතුයි
6. මේ පැත්තෙන් පසු කරන්න
7. වටරවුම

ප්‍රමුඛතා සංඥා

1. මාර්ගය ඉඩ දෙනු
2. නවතිනු
3. ආරක්ෂා කර නොමැති දුම්රිය මාර්ගය ඉදිරියෙන්
4. ප්‍රමුඛතා මාර්ගය
5. ප්‍රමුඛතාවය අවසාන වේ
6. ඉදිරියෙන් එන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය
7. ඉදිරියට යන වාහන වලට ප්‍රමුඛතාවය දිය යුතුය

පොලින් නිලධාරීන් විසින් කරනු ලබන හස්ත සංඥා

1. නවතිනු
2. ඉදිරියට එන්න
3. ඉදිරියෙන් සහ පිටුපසින් එන වාහන නතර වෙනු
4. ඉදිරියට එන්න
5. පිටුපසින් එන වාහන පමණක් නතර වෙනු

ඉතින් මේ තමයි ශ්‍රී ලංකාව තුළ ඔබ වාහනයක් drive කරනවා නම් අනිවාර්යෙන්ම දැනගත යුතු මාර්ග සංඥා. ඔබත් හැම විටම අනතුරු වළක්වාගෙන, නීතියට අනුව රිය පදවන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Bajaj Pulsar N160 USD Premium EFI ABS 2025 for Sale

Bajaj Pulsar N160 USD Premium EFI ABS 2025

0 km
verified MEMBER
verified
Rs 258,785
1 week ago
Singer Lima V2 2018 for Sale

Singer Lima V2 2018

37,232 km
MEMBER
Rs 95,000
6 minutes ago
TVS Star Sport 2015 for Sale

TVS Star Sport 2015

75,000 km
MEMBER
Rs 125,000
8 minutes ago
Bajaj CT100 2024 for Sale

Bajaj CT100 2024

12,517 km
MEMBER
Rs 350,000
8 minutes ago
Yamaha FZ 2019 for Sale

Yamaha FZ 2019

90,000 km
MEMBER
Rs 950,000
9 minutes ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman