Engine oil expire වෙලාද කියලා අඳුන ගන්නේ කොහොමද?

29 Aug, 2024   
Engine oil expire වෙලාද කියලා අඳුන ගන්නේ කොහොමද?

අපිට අපේ හදවත වගේ තමයි වාහනයකට ඒකෙ engine එක. ඉතින් මේ engine එක ලෙඩ නැතුව හොඳට වැඩ කරන්න නම් අනිවාර්යෙන්ම engine oil දාන්නම වෙනවා. Engine oil වලින් වෙන්නේ වාහනයේ කැරකෙන කොටස් වල ඝර්ෂණය අඩු කරන එක. Engine oil නැති වුණොත් වෙන්නේ වාහනයේ කොටස් අතර ඝර්ෂණය වැඩි වෙලා engine එක රත් වෙන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනේ හදවත ආරක්ෂා කරන්නේ engine oil වලින්.

ඉතින් ඔයාගේ වාහනේ හදවත ආරක්ෂා කරන engine oil expire වෙලාද කියලා අඳුන විදිය ගැන තමයි අද BikesGuide අපි ඔයාට කියන්න හදන්නේ.

Engine oil expire වෙනවද?

ඔව්, engine oil expire වෙනවා. හැබැයි bottle label එකේ තියෙන expire date එක බලලා නම් අපිට කියන්න බැහැ engine oil එක expire වෙලාද නැද්ද කියලා.

මොකද කල් ඉකුත් වීමේ දිනයට අමතරව තෙල් වර්ගය, අධික උෂ්ණත්වය, ඔක්සිකරණය සහ ගබඩා කරන ආකාරය නිසා කල් ඉකුත් වීමේ දිනයේ වෙනස් වීම් වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම විවෘත නොකළ engine oil බෝතලයක් වසර 2-5 වගේ දිගු කාලයක් තියාගන්න පුලුවන්.

හැබැයි engine oil බෝතලය විවෘත කළ පසු, එහි කාර්යක්ෂමතාව නැති වීමට පටන් ගන්නවා.ඒ නිසා engine oil බෝතල් විවෘත කිරීමෙන් වසරක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

කොහොමද දැනගන්නේ?

Engine oil කල් ඉකුත් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට ක්‍රම 4ක් තියෙනවා.
1. කල් ඉකුත්වන දිනය
2. තෙල් වල වර්ණය
3. පෙනුම
4. දියරමය ස්වභාවය (Consistency)

කල් ඉකුත්වන දිනය

Engine oil expire වෙලාද කියලා බලාගන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි බෝතලයේ සඳහන් වෙන කල් ඉකුත් වීමේ දිනය.
ගොඩක් Engine oil brands වල ආයු කාලය අවුරුදු 5ක් පමණ වෙනවා.
සමහර කෘතීම මිශ්‍ර කර සාදන Engine oil අවුරුදු 7-8 ක් ප්‍රමණයක් වුණත් භාවිතා කරන්න පුලුවන්. ඉතින් ඒ නිසා ඔයා අලුතෙන් Engine oil බෝතලයක් මිල දී ගන්නවා නම් අනිවාර්යෙන්ම expire date එක බලන්න අමතක කරන්න එපා.

පාට වෙනස් වෙලාද?

හොඳ තත්ත්වයේ Engine oil ඇම්බර් පැහැයෙන් තමයි බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි තෙල් ඉතා අඳුරු සහ මඩ සහිත බවක් පේනවා නම් බොහෝ විට එය ඔක්සිකරණය වෙලා තියෙන්න පුලුවන්. කල් ඉකුත් වෙන්න තව දවස් තිබ්බත් Engine oil වල පැහැයේ වෙනසක් තියෙනවා නම් ඒ තෙල් වර්ගය භාවිතයට සුදුසු වෙන්නේ නම් නැහැ.

පෙනුමේ වෙනසක් තියෙනවද?

Conventional සහ synthetic Engine oil වර්ග දෙකම පැහැදිලි සහ විනිවිද පෙනෙන පැහැයකින් තමයි යුක්ත වෙන්නේ. භාවිතයට සුදුසු Engine oil කිරි පැහැයක් හෝ මීදුම ආකාරයට දිස් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒකාකාර ලෙස ගලා යෑමත් සිදු වෙන්න ඕනේ.

දියරමය ස්වභාවය වෙනස්ද?

Engine oil සිහින්, සිනිඳු සහ තරමක් දියර ස්වභාවයකින් යුක්ත වෙන්න ඕනේ. එය ඉතා ඝන හෝ සෙවල වැනි බවක් පෙනෙන්නට තියෙනවා නම් බොහෝ විට තෙතමනය හේතුවෙන් කල් ඉකුත් වීමට ලක් වෙලා තියෙනවා.

ඉතින් මේ විදියට තමයි අපිට Engine oil expire වෙලාද නැද්ද කියලා බලාගන්න පුලුවන් වෙන්නේ. ඔයත් Engine oil භාවිතා කරනකොට CarsGuide අද කියලා දුන්න කරුණු ගැනත් අවදානය යොමු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
TVS Ntorq Brand New 2025 for Sale

TVS Ntorq Brand New 2025

0 km
verified MEMBER
Rs 69,900
1 week ago
Honda CG125 1982 for Sale

Honda CG125 1982

50,000 km
MEMBER
Rs 465,000
2 hours ago
Bajaj Pulsar N160 2025 for Sale

Bajaj Pulsar N160 2025

1 km
verified MEMBER
Rs 218,500
2 hours ago
Honda Benly 2002 for Sale

Honda Benly 2002

64,940 km
MEMBER
Rs 730,000
2 hours ago
Bajaj CT100 2025 for Sale

Bajaj CT100 2025

1 km
verified MEMBER
Rs 129,500
4 hours ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman