Leasing ගෙවාගත නොහැකි වාහන භාර දියයුතු ආකාරය

30 Aug, 2024   
Leasing ගෙවාගත නොහැකි වාහන භාර දියයුතු ආකාරය

Leasing ගෙවනවා කියන එක මේ දවස් වල තියෙන ආර්ථීකයත් එක්ක ටිකක් අමාරු වැඩක්. මේ හේතුව නිසා ගොඩක් අයගේ leasing ඇරියස් වෙලා තියෙනවා. හැමතැනම දැන් සීස් කරන්න වාහන පස්සෙන් පවා එළවනවා. කෙටියෙන්ම කිව්වොත් leasing වල තියෙන අමාරුම කාලය තමයි මේ ගෙවෙන්නේ.මේ හේතූන් නිසා  BikesGuide අපි හිතුවා leasing ගෙවාගත නොහැකි වාහන නැවත භාර දියයුතු ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න.

වාහනය බාර දෙන්න කාලයක්

වාහනයක leasing ඇරියස් වුණාම මුලින්ම හිතට එන දේ තමයි වාහනය සීස් කරයිද කියන එක. වාහනය සීස් කිරීමත් එක්ක එහි නීතිමය පැත්ත මොන වගේ වෙයිද කියන එක ජනතාව තුළ තියෙන්නෙත් බියක්. හැබැයි ඒ වගේම තමයි වාහනය නැවත බාර දෙන්න කියලා leasing company එකෙන් කාල සිමාවකුත් ලබා දෙනවා.

Agreement එකට වැඩ

විශේෂම දේ තමයි වාහනයක් leasing කරලා ගන්නවා කියන්නේ අපි හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. එතකොට වාහනය leasing කරලා ගද්දි අපිට company එකත් එක්ක agreement එකක් තියෙනවා. අපි ඒ agreement එකට එකඟ වුණාට පස්සේ ඒ අනුව කොන්දේසි අනුගමනය කරගෙන යන්න ඕනේ. එම කොන්දේසි වලට එකඟව වැඩ කරන්න බැරි නම් අපේ වාහනය නැවත leasing company එකට බාර දෙන්න පුලුවන්.

ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ

වාහනය බාර දුන්නට පස්සේ ගොඩක් අය හිතන්නේ leasing ප්‍රශ්නය ඉවරයි කියලා. නමුත් මේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වාහනය බාර දුන්නා කියලා leasing company එකත් එක්ක තියෙන ගණුදෙනුව ඉවර වෙන්නේ නැහැ.වාහනය ආයතනයට බාර දීලා ටික කාලයක් යනකොට ඉතුරු ගෙවීම් කරන්න නැතිනම් නඩු දානවා කියලා නිවසට ලියුම් එන්න පුලුවන්.

නඩු දාන්න කලින්

වාහනයක් leasing කරලා ගද්දි leasing company එකෙන් වාහනය මිලදී ගැනීමට අදාළව මුදලක් දෙනවා. එම මුදල යම් යම් කාලසිමාවක් තුළ ගෙවන්න අපි agreement එක හරහා බැඳිලා ඉන්නවා. විශේෂම දේ තමයි වාහනය බාර දුන්නා කියලා ගිවිසුම අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා leasing company එකෙන් වාහනය පසුව විකිණුවත් ඔවුන්ට අය විය යුතු මුදල් අය කර ගැනීමට නොහැකි වුණොත් තම ආයතනයට වෙන අලාභය අය කර ගැනීමට නඩු පවරන්න හැකියාව තියෙනවා. වාහනය බාර දුන් පමණින් leasing එකේ සම්පූර්ණ වගකීම අවසන් නොවන බව මතක තබාගන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි leasing ගෙවාගත නොහැකි වාහනයක් නැවත ආයතනය වෙත බාර දෙන්නේ

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Bajaj Pulsar NS160 2025 for Sale

Bajaj Pulsar NS160 2025

0 km
verified MEMBER
Rs 220,000
3 days ago
Bajaj CT100 Brand New 2025 for Sale

Bajaj CT100 Brand New 2025

2 km
verified MEMBER
Rs 131,385
1 hour ago
Bajaj CT100 Brand New ES 2025 for Sale

Bajaj CT100 Brand New ES 2025

3 km
verified MEMBER
Rs 131,385
1 hour ago
Yamaha R15 V3 2019 for Sale

Yamaha R15 V3 2019

37,500 km
MEMBER
Rs 1,190,000
1 hour ago
Bajaj Discover 125 2017 for Sale

Bajaj Discover 125 2017

58,000 km
MEMBER
Rs 370,000
1 hour ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman