Driving license එක සඳහා ඉක්මණින් වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද

01 Aug, 2024   
Driving license එක සඳහා ඉක්මණින් වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද

ඔබට අලුතෙන් driving license එකක් ගන්න ඕන වුණත්, driving license එක අලුත් කර ගන්න ඕන වුණත්, ඒකට අවශ්‍ය ලියකියවිලි තියෙනවා. ඒ අතරින් වැදගත් දෙයක් තමයි, වෛද්‍ය සහතිකය. Driving license එක ලබා ගන්නකොට මේක අත්‍යාවශ්‍ය ලියවිල්ලක්. ඉතින් කොහොමද වෛද්‍ය සහතිකය ඉක්මණින් ලබා ගන්නේ? මේකෙ හරිම process එක ඔබ දන්නවා නම්, ඒක ඔබට ලොකු පහසුවක් වෙනවා. ඒ නිසා, BikesGuide අපි හිතුවා, driving license එක සඳහා ඉක්මණින් වෛද්‍ය සහතිකය ලබා ගන්නේ කොහොමද කියලා අද ඔබට කියන්න.

අවශ්‍ය ලියකියවිලි මොනවද?

මුලින් කිව්වා වගේ, driving license එක අලුතෙන් ගන්න ගියත්, පරණ license එක අලුත් කර ගන්න ගියත් ඒ අවශ්‍ය ලියකියවිලි ඔබ සූදානම් කර ගන්න ඕනේ. මෙතනදි, ජාතික හැඳුනුම්පත ඕනේ. එහෙම නැත්නම් වලංගු passport එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට ඔබ ළඟ පරණ driving license එක තියෙනවා නම්, ඒකත් ගෙනියන්න පුළුවන්.

කලින් වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්ද?

Driving license එක සඳහා වෛද්‍ය සහතිකය ලබා ගන්න යනකොට, ඔබට ඒ සඳහා කලින් වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. ඒකට ජංගම දුරකථනයකින් නම් 225 ත්, ගෘහස්ථ දුරකථනයකින් නම් 1225 ඇමතීමෙනුත් ඔබට වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. මේ හරහා නුගේගොඩ ප්‍රධාන කාර්යාලය වගේම, ලංකාව පුරා තියෙන ශාඛා වලින් ඕනම එකක් සම්බන්ධ කරගෙන තමන්ට කැමති දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. මොකද මේ හැම සේවා මධ්‍යස්ථානයකම ඔබට driving license එක සඳහා වන වෛද්‍ය වාර්තාව ලබා ගන්න යම් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.

අංක ලබා ගැනීම

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ආවට පස්සේ, “අංක ලබා ගැනීම” යන counter එකට ගිහින් එතනට ඔබේ ID එක ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔබේ photo එක ඇතුළත් token එකක් ලැබෙනවා. මේ token එකත් සමඟ ඔබට ලැබෙන අංකයත් එක්ක තමයි අනිත් සියලුම දේ සිද්ධ වෙන්නේ.

උස මැනගෙන, බර කිරාගන්න

Token එක ලබා ගත්තට පස්සෙ, උස මැනගෙන, බර කිරාගන්න ඕනේ. ඊළඟට ඔබ ළඟ තියෙන token එකේ බර සහ උස සඳහන් කර ගන්න, ඒ ස්ථානයට token එක ලබා දෙන්න.

ලියාපදිංචි කිරීම

ඊට පස්සේ ඔබ යන්න ඕනේ, “ලියාපදිංචි කිරීම” කියන අංක 04 ස්ථානයට. මේ ස්ථානයේදී ඔබේ ID එක සමඟ, කලින් ලබා ගත්තු token එක ඉදිරිපත් කරන්න ඕනේ.

මුදල් අයකැමි

අංක 04 ස්ථානයෙන් ලියාපදිංචිය අවසන් කළාට පස්සේ, අංක 05 මුදල් අයකැමි වෙත ඇවිල්ලා, ඔබේ මුදල් ගෙවීම සිදු කරන්න පුළුවන්.
මෙතනදි සැහැල්ලු වාහන සඳහා සහ බර වාහන සඳහා driving license ගන්නකොට, ගෙවන්න ඕන මුදල් ප්‍රමාණය වෙනස්.

රසායනාගාරයට යන්න

මුදල් අයකැමි වෙත මුදල් ලබා දුන්නට පස්සේ, ඔබ යන්න ඕනේ, අංක 06 රසායනාගාරය වෙතටයි. මෙතනදි ඔබේ Blood sugar level එක වගේම blood group එකත් check කරනවා.

වෛද්‍ය පරීක්ෂණ අංශය

දැන් ඔබ යන්න ඕනේ, 1st floor එකේ තියෙන වෛද්‍ය පරීක්ෂණ අංශයට. මෙතනදි වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ලබා ගන්න ආපු ඔබ වෙනුවෙන් doctors ලා 10 දෙනෙක් ස්ථාන 10 ක ස්ථානගත කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ සේවාව ඉක්මණින් ලබා ගන්න පුළුවන්. එතන රැඳී ඉන්න ඔබට එහි ඇති screen එකේ ඔබේ අංකයට යන්න ඕන කාමර අංකය මොකක්ද කියලා පෙන්වනවා. වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව ඔබේ වෛද්‍ය වාර්තාව ලැබෙනකන් පොඩි වෙලාවක් එතන රැඳිලා ඉන්න ඕනේ.

මේ වෛද්‍ය පරීක්ෂණය සමත් බව සහතික කරන්න තමයි වෛද්‍ය වාර්තාව ලැබෙන්නේ. ඉතින් ඔබට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම්, 0714 553 991 යන අංකයට call කරන්න පුළුවන්.

මේ විදිහට තමයි driving license එක සඳහා වෛද්‍ය වාර්තාව ලබා ගන්න ඕනේ. ඔබට නුගේගොඩ තියෙන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න අපහසුයි නම්, තමන්ට පහසු ශාඛාවට ගිහින් වෛද්‍ය සහතිකය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ Article එකෙන් driving license එක සඳහා වෛද්‍ය වාර්තාව ලබා ගන්නෙ කොහොමද කියන දේ ගැන හරියටම ඔබ දැන ගන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම් අනිත් අය එක්කත් මේ ගැන share කර ගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Falcon Alfa 2025 for Sale

Falcon Alfa 2025

0 km
verified MEMBER
verified
Rs 385,000
1 week ago
Hero Pleasure 2012 for Sale

Hero Pleasure 2012

20,148 km
MEMBER
Rs 168,000
9 minutes ago
Bajaj CT100 Brand New 2025 for Sale

Bajaj CT100 Brand New 2025

0 km
verified MEMBER
verified
Rs 131,385
10 minutes ago
Bajaj Discover 125 Brand New 2025 for Sale

Bajaj Discover 125 Brand New 2025

0 km
verified MEMBER
verified
Rs 179,500
16 minutes ago
Bajaj CT100 Brand New 2025 for Sale

Bajaj CT100 Brand New 2025

0 km
verified MEMBER
verified
Rs 131,385
25 minutes ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman