තාවකාලිකව අත්හිටවූ License එක නැවත ලබා ගන්නේ කොහොමද?

02 Oct, 2024   
තාවකාලිකව අත්හිටවූ License එක නැවත ලබා ගන්නේ කොහොමද?

නිත්‍යානුකූල විදියට රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. රිය ධාවනයේදී නොදැනුවත්ව හෝ දැනුවත්ව අපි අතින් වෙන වැරදි නිසා license එක අත්හිටුවන්න පුලුවන්. BikesGuide තුළින් අපි ඔබට කියන්නේ තාවකාලිකව අත්හිටවූ license එක නැවත ලබා ගන්නේ කොහොමද කියලා.

අවුරුදු දෙකකට පස්සේ

තාවකාලිකව අත්හිටවූ license එකක් තියෙන්නේ උසාවිය භාරයේ. මේ උසාවිය භාරයේ තියෙන license එක ලබා ගැනීමට යම් පියවර කීපයක් අනුගමනය කරන්න ඕනේ. මෙම ක්‍රමවේදය ගැන මෝටර් ප්‍රවාහන පනතේ 137, 5 වගන්තියේ සිට 137, 9 වන වගන්තිය තුළ දක්වලා තියෙනවා.license එක තාවකාලිකව අවලංගු කිරීමේ නියෝගය කරන ලද දවසේ සිට අවුරුදු දෙකකින් පස්සේ අදාළ පුද්ගලයාට නඩුවේදී තමන්ගේ license එක යළි ලබා දෙන ලෙස ඉල්ලීම් කරන්න පුලුවන්.

පොලිස් අවසරය

මේ විදියට ඉල්ලීම කළාට පස්සේ අදාළ පොලිස් බල ප්‍රදේශය අයිති පොලිස් අධිකාරීවරයාට හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාට නොතිසි යවා විමසීමක් කරනවා අදාළ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතාවයක් තියෙනවද කියලා. විරෝධතාවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් විමසීමක් පැවැත්වීම සිදු කරනවා.

ශාරීරික සහ මානසික යෝග්‍යතාවය

පසුව මහේස්ත්‍රාත්තුමා සලකා බලනවා අදාළ පුද්ගලයා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්තව සිටිනවද නැවතවතාවක් බලපත්‍රය ලබා දීමට. ඊට පස්සේ ඒ සම්බන්ධව වාර්තාවකුත් ජාතික ප්‍රවාහන වෛද්‍ය මණ්ඩලයෙන් කැඳවීමක් සිදු කරනවා. මේ සියලු කාරණා ගැන සලකා බැලුවට පස්සේ තමයි license එක අත්හිටවූ පුද්ගලයාට නැවත රියදුරු බලපත්‍රය ලබා ගන්න පුලුවන්ද කියලා තීරණය කරන්නේ.

අලුතෙන්ම License එක

මේ වගේ අවස්ථා වලදී සමහර විට ඉල්ලීම ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. එහෙමත් නැත්නම් මහේස්ත්‍රාත්තුමාගේ නිර්දේශය මත නැවත වතාවක් රියදුරු බලපත්‍රය ලබා ගන්න පුලුවන්. ඒ මෝටර් ප්‍රවාහන පනතේ 124 වන වගන්තියේ තිබෙන කාරණා ඉටුකිරීමෙන් අනතුරුව අලුතෙන්ම license එකක් ලබා ගන්නා ආකාරයට අත්හිටවූ license එක ලබා ගන්න පුලුවන්.

මේ විදියට තමයි තාවකාලිකව අත්හිටවූ license එක නැවත ලබා ගන්නේ. ඇත්තටම මේක සරල process එකක් නෙමෙයි. ඒ නිසා හොඳම දේ වෙන්නේ වැරදි නොවන විදියට නීතියට අනුව රිය පැදවීමයි.

 

Similar Advices



Leave a comment

Please rate

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Motorbikes for Saleikman
Hero Splendor 2012 for Sale

Hero Splendor 2012

44,500 km
MEMBER
Rs 199,000
13 minutes ago
Bajaj Aspire 2015 for Sale

Bajaj Aspire 2015

40,000 km
MEMBER
Rs 320,000
17 minutes ago
Bajaj Pulsar 135 2011 for Sale

Bajaj Pulsar 135 2011

38,000 km
MEMBER
Rs 225,000
18 minutes ago
Bajaj Pulsar 150 2011 for Sale

Bajaj Pulsar 150 2011

90,000 km
MEMBER
Rs 310,000
18 minutes ago
Bajaj CT100 2019 for Sale

Bajaj CT100 2019

46,428 km
MEMBER
Rs 455,000
39 minutes ago
Auto Parts for saleikman

No bikes found. Explore other models.

+ Post an ad on ikman